Tuesday, February 24, 2026
Follow Us
කොවිඩ් ඉහළ ගියොත් වෙසක් සැමරුමටත් බාධා

කොවිඩ් ව්‍යාප්තිය වැඩි වුවහොත් වෙසක් උත්සවය ආගමික කටයුතුවලට පමණක් සීමා කරමින් පැවැත්වීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවැසීය.

ජනතාව නොසැලකිලිමත් ලෙස හැසිරීම හේතුවෙන් කොවිඩ් පාලනය කිරීමේදී ගැටලු මතුවන බවද ඔහු පැවැසීය.

එය කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට බාධාවක් බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවැසීය.

පසුගිය අවුරුදු සමයේ ජනතාව සෞඛ්‍ය උපදේශ අනුගමනය නොකිරීම සමග කොවිඩ් ව්‍යාප්ත වී ඇති බවද හෙතෙම පැවැසීය.

(Aruna)