Tuesday, February 24, 2026
Follow Us
දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 117ක් දක්වා පහළට ...

ඊයේ (14) දිනයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 117ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. දෛනික ආසාදිතයින් ගණන මෙතරම් අඩුවක් පෙන්නුම් කෙරෙන්නේ මාස හයකට පමණ පසුවය.

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 117 දෙනා අතරින් 99 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු 18 දෙනා විදෙස් රටවල සිට පැමිණි අය වේ.

මෙරටින් මෙතෙක් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 95737ක් වන අතර දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2982කි.

(LNW)