Tuesday, February 24, 2026
Follow Us
අවුරුද්දට පෙර රටේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වලටත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කෙරෙනවා.

ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටීන්නේ.

(Neth)