Wednesday, August 20, 2025
Follow Us
පාර්ලිමේන්තුව අවට ජලය තවත් අපවිත්‍ර වෙයි

දියවන්නාවේ ජලය අපවිත්‍ර වීම සම්බන්ධයෙන් තමන්ට වහාම පරිසර වාර්තාවක් ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර, මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දි තිබෙනවා. ඒ, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින්. පාර්ලිමේන්තුව අවට පිහිටි දියවන්නාවේ මෙන්ම බත්තරමුල්ල පාළම් තුන අවට පිහිටි තෙත්බිමේ ද ජලය මෙලෙස අවපැහැගැන්වී තිබුණා.

අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ දී හෙළි කළ පරිදි මේ සඳහා හේතු පාදක වී ඇත්තේ මිනිස් මළඅපද්‍රව්‍ය බැහැර කිරීමක්ද යන්න නැතිනම් කිසියම් ඇල්ගී විශේෂයක් වර්ධනය වීමක් ද යන්න මෙතෙක් නිශ්චිතව කිව නොහැකි බවයි. කෙසේවෙතත් මින් පෙර මෙවැනි අන්දමින් දියවන්නාවේ ජලය අවපැහැ ගැන්වීමක් සිදු වී නොමැති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් විද්‍යාත්මක විමර්ශණ වාර්තාවක් අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා දන්වා ඇත්තේ.

එමෙන්ම දැනට දින කිහිපයක සිට පවතින මෙම ජලය අවර්ණවීම දිනෙන් දින වර්ධනය වීමක් දක්නට ලැබෙන බැවින් ජලය දූෂණය වීමක් සිදු වී ඇත්ද යන්න ද මෙහිදී සොයා බැලිමට නියමිතයි. මිට අමතරව මෙම තත්ත්වය හේතුවෙන් මෙහි වෙසෙන ජලජ ජීවින්ට කිසියම් හානිකර තත්ත්වයක් මතුවිය හැකි ද යන්න සම්බන්ධයෙන්ද සොයා බලනු ඇති.

(Neth)