Sunday, April 26, 2026
Follow Us
බලපත්‍ර නැතිව පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය 4ක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් සිටි සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ අත්අඩංගුවට ගැනීම’ නාඋල ඇළහැර මාර්ගයේ බකමූණ ප්‍රදේශයෙදී සිදුකර තිබෙන අතර සැකකරුවන් ඒවා ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී සොයාගෙන තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

මෙලෙස සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර ඇමෝනියා කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 230ක්, වෝටර් ජෙල් ග්‍රෑම් 135ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 20ක්, ඩෙටනේටර් කැප් 14ක්, වයර් රෝල්, ගල් විදින යන්ත්‍රයක් සහ තවත් උපකරණ කිහිපයක් ඇත.

සැකකරුවන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනා ගෙන තිබේ.

(Aruna)