Tuesday, February 24, 2026
Follow Us
​කොවිඩ් ගුරුවරයා නිසා කොළඹ සුපිරි පාසලක ශ්‍රේණි දෙකකට නිවාඩු

කොළඹ ආනන්ද විදුහලේ ගුරුවරයකුට කොවිඩ් ආසාදනය වීම නිසා එම විදුහලේ හත සහ අට යන ශ්‍රේණිවලට නිවාඩු ලබා දීමට පියවර ගනු ලැබ ඇත.

මෙම ගුරුවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ ඩෙංගු වැලඳීම නිසා ඔහු රෝහල් ගත කිරීමේ දී කළ පීසීආර් පරීක්ෂණයේ දී ය.

විද්‍යාලයීය නේවාසිකාගාරයේ සිට ඇති මෙම ගුරුවරයාගේ ආශ්‍රිතයන් ලෙස හත සහ අට ශ්‍රේණිවල ගුරුවරුන් හා සිසුන් හැත්තෑවක පමණ පිරිසක් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලු දෙනා අද පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය. නිවාඩු ලබා දී ඇති ශ්‍රේණි සඳහා මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් කටයුතු කෙරේ.

(Aruna)