Sunday, April 26, 2026
Follow Us
තැපෑල අද මැදියම් රැයේ සිට ලෙඩ වීමේ සූදානමක

බඳවා ගැනීමේ සම්මත ක්‍රමවේද උල්ලංඝණය වන පරිදි නිලධාරීන් බඳවා ගැනීමට එරෙහිව අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමට සූදානම් වනවා. තමන් ඉදිරිපත් කළ ඉල්ලීම් හයෙන් පහකට විෂයභාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් සාධනීය පිළිතුරක් ලැබුණ ද සිය ප්‍රධාන ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය පැවසුවේ.

සිය ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පෙරවරුවේ ඊට සම්බන්ධ වෘත්තීය සමිති සමග සාකච්ඡා කරන බවයි එම සංගමයේ ප්‍රධාන සභාපති චින්තක බණ්ඩාර නෙත් නිවුස් වෙත කියාසිටියේ.

තැපැල් සේවකයන් ආරම්භ කිරීමට වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අඩාල විය හැකි සේවාවන් ගැනද මෙහිදී සදහන් කළා.

(Neth)