Monday, February 23, 2026
Follow Us
එක්නැලිගොඩ නඩුව කැඳවන්නැයි නියෝග

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කලැයි චෝදනා එල්ලවී සිටින යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විභාගය ජුනි මස 09 වනදා යළි ඇරඹීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියමකර ඇත.

එම නඩුව අද (19) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.

නඩුව නැවත කැඳවීම ජුනි මස 09 වනදාට නියම කර ඇති අතර එදිනට සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් අධිකරණයට කැඳවන ලෙසද නියෝග කෙරුණි.

(Aruna)