Monday, February 23, 2026
Follow Us
තවත් කොවිඩ් මෘත දේහ 07ක් භූමදානය කෙරේ

කොවිඩ් ආසාදිතව මිය ගිය තවත් පුද්ගලයින් හත්දෙනෙකුගේ මෘතදේහ අද දිනයේද භූමදානය කර තිබෙනවා. ඒ, මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේදීයි. ඒ අනුව මේ වන විට කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගලයින් 16 දෙනෙකුගේ භූමදානය කර අවසන්. යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ ඊයේ දිනයේදී කොවිඩ් සිරුරු 9ක් භූමදානය කළ බවයි.

කොවිඩ් මෘත දේහ භූමදානය කිරීම සදහා මීට පෙර තෝරා ගෙන තිබුණ් ඉරණතිව් දූපතයි. කෙසේ වෙතත් එම තෝරාගැනීමත් සමග එම ඉරණතිව් දූපත ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාව තුළ නොසන්සුන් තත්ත්වයක් මතුවුණා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබන සතියේ ප්‍රකාශයට පත් කරනු ඇති බවටයි වාර්තා පල වන්නේ.

මේ අතර, අම්පාර, ඉරක්කාමම් ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයක ද කොවිඩ් ආසාදිත මෘත දේහ භූමදාන කළ හැකි බවට නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති බවටද වාර්තා පල වනවා.

(Neth)