Wednesday, October 14, 2026
Follow Us
ප්‍රතිශක්තිය දුර්වල අයටත් එන්නත විදියි

ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වූ රෝගීන්ටත් කොවිඩ් එන්නත ලබාදීමට බ්‍රිතාන්‍යයේ පියවරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිළිකා රෝගීන් ඇතුළු ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ රෝගීන් තෝරා ගනිමින් කොවිඩ් එන්නත් අත්හදා බැලීම මේ යටතේ සිදු කරනු ලබන අතර මෙතෙක් ලබා දී ඇති කොවිඩ් එන්නත් සාර්ථක වී ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

ප්‍රතිශක්තිකරණය අඩුවූ රෝගීන් 5,000කට පමණ මුල් වටයේදී එන්නත් ලබාදීමට නියමිතය.

එන්නත් ලබාදීමට පෙර සහ පසු රුධිර පරීක්ෂාවෙන් පසු ප්‍රතිශක්තිය වෙනස් වී ඇති ආකාරය සොයා බැලීම සිදුකරයි.

(Aruna)