Wednesday, October 14, 2026
Follow Us
තවත් ශී‍්‍ර ලාංකිකයින් පිරිසක් දිවයිනට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විසින් ගතවූ පැය 24තුළ ගුවන් යානා 38 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින්, ගුවන් මගීන් 1,429 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා තිබෙනවා. ඒ අනුව මෙම කාළසීමාව තුළ ගුවන් යානා 20 කින්, ගුවන් මගීන් 855 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඒ අතරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පුද්ගලයින් 133 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ දෝහා සිට පුද්ගලයින් 81 දෙනෙකු ද අයත්. එලෙස පැමිණි සියලූදෙනා නීරෝධායන ක‍්‍රියාවලිය සදහා ශ‍්‍රී ලංකා යුධ හමුදාව විසින් සංචාරක හෝටල් වෙත රැුගෙන ගොස් තිබෙනවා.

එමෙන්ම මෙම කාළසීමාව තුළ ගුවන් මගීන් 574 දෙනෙකු ගුවන් යානා 18 කින් විදේශ රටවල් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

(Neth)