Monday, February 23, 2026
Follow Us
කොවිඩ් මරණ 464 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 05 ක් ඊයේ(26) වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 464 කි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, නවදගල ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

(Aruna)