Thursday, August 27, 2026
Follow Us
දුම් බොන්නන්ට වඩා අක්‍රිය දුම් බොන්නන්

මෙරට පිරිමි පුද්ගලයින් 4 න් එක් අයෙකු සහ කාන්තාවන් 05 දෙනෙකුගෙන් එක් අයෙකු අක්‍රීය දුම් පානයට ගොදුරු වන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ කියා සිටියේ, තමන් ආසන්නයේ දුම්වැටි පානය කරන පුද්ගලයින්ට එරෙහි වීමට ඕනෑම අයෙකුට අයිතියක් ඇති බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා මෙම අදහස් පළ කළා.

(Neth)