Sunday, July 12, 2026
Follow Us
රසායනාගාරවල PCR සාම්පල ගොඩ ගැහිලා

රජයේ රසයනාගාරවල පී.සී.ආර්. සාම්පල දස දහසක් ගොඩගැසී ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ‘අරුණ’ට පැවසීය.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ පමණක් පී.සී.ආර්. සාම්පල 6000ක් ගොඩගැසී ඇති බවය.

ඊට අමතරව අනුරාධපුර ශික්ෂණ රෝහලේ 1000ක්, කරාපිටිය ශික්ෂණ රෝහලේ 750ක් ආදි වශයෙන් පී.සී.ආර්. සාම්පල ගොඩගැසී තිබේ. එන්නත්කරණය ආරම්භ කිරීමත් සමග පී.සී.ආර්. පරීක්ෂණ සඳහා තිබූ අවධානය නොසලකා හැරීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකර ඇති බවද හෙතෙම කියයි.

(Aruna)