Thursday, April 23, 2026
Follow Us
මෙරට කොවිඩ් මරණ 330ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 330කි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක්, වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක්, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්, ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 18ක් වයසැති පිරිමි දරුවෙක් සහ රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

(Aruna)