Sunday, October 11, 2026
Follow Us
කොවිඩ් මරණ 273ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 273ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, අරණායක ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 06 ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි කාන්තාවක්, මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවකි.

(Aruna)