Sunday, July 12, 2026
Follow Us
කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 03ක් හෙට සිට හුදෙකලා භාවයෙන් මුදා හැරේ

කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් හුදෙකලා කොට තිබු මාලිගාවත්ත, දෙමටගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් බලප්‍රදේශ හෙට උදෑසන 05.00 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරිමට තීරණයකළ බව ද යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බොරැල්ල පොලිස් බලප්‍රදේශයේ පහත දැක්වෙන ප්‍රදේශ හුදෙකලා කිරිමට තීරණය කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටින්නේ.

ඒ අනුව

බොරැල්ල, ගෝතමිපුර මහල් නිවාස සංකීර්ණය.

බොරැල්ල, ගෝතමීපුර 24 වත්ත සහ 78 වත්ත යන ප්‍රදේශ මෙලෙස හුදෙකලා කොට ඇත.

(Neth)