Saturday, February 21, 2026
Follow Us
බේරුවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 528ක් දක්වා ඉහළට

බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ගතවූ මාස දෙක තුළදී කොරෝනා ආසාදිතයින් 528දෙනෙකු හදුනාගෙන තිබේ.

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ඒකකය සදහන් කළේ දින 10කදී පොලිස් වසම් තුනක් තුළ සිදුකළ ක්ෂණික ප්‍රතිදේශ පරීක්ෂණ වලින් ආසාදිතයින් 51දෙනෙකු හදුනාගත් බවයි.

අලුත්ගම, බේරුවල හා පයාගල යන පොලිස් වසම් තුළදී දෙසැම්බර් මස 19ත් 30ත් අතර කාලයේදී අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ 1569ක් සිදුකර තිබේ.

අදාළ කාලසීමාව තුළදී එම ප්‍රදේශවල පී.සී.ආර්. පරීක්ෂණ 7736ක් සිදුකර ඇත.

(Aruna)