Wednesday, February 18, 2026
Follow Us
යහපාලන රජය රුපියල් මිලියන එක්ලක්ෂ අනූඑක්දහසක් පිටරටින් සීනී ගේන්න විතරක් වියදම් කරලා

2015 - 2019 කාල සීමාව තුළ මෙරටට සීනි ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන එක්ලක්ෂ අනූඑක්දහස් දෙසිය හැත්තෑ තුනක මුදලක් වැය වී ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කෙරුණා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙම අනාවරණය සිදු කළේ වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප‍්‍රශ්න වාරයේදී ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්. අදාළ කාල සීමාව තුළ බදු ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කළ ආකාරය ද ගැටළු සහගත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)