Wednesday, February 18, 2026
Follow Us
මංතීරු නීතියේ නැවතත් වෙනසක් - බයිසිකල්, ත්‍රීවිල් බස් මංතීරුවෙන් ඉවත් කරයි

හෙට (22) දිනයේ සිට මංතීරු නීතියේ වෙනසක් සිදු කිරීමට රථවාහන පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව බස්රථවලට වෙන්කර ඇති වම්පස මංතීරුවේ හෙට සිට කාර්යාල සේවකයන් සහ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස්රථ සහ වෑන් රථවලට ධාවනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

මේ අතර යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ධාවනය බස් ප්‍රමුඛතා මංතීරුවෙන් ඉවත් කර ඇති අතර ඔවුන්ට ඇතුළත මංතීරුවල ගමන් කිරීමේ අවස්ථාව හිමි වේ.

කෙසේ වෙතත් මංතීරු වෙනස් කරමින් ගමන් කිරීම සඳහා කිසිදු රියදුරෙකුට අවස්ථාව ලබා නොදෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

(LNW)