Tuesday, February 17, 2026
Follow Us
බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් 174 දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකරයි

බුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 174 දෙනෙකු අද (17) දිනයේදී පි.සි.ආර්. පරික්ෂණවලට යොමු කළ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවා.

ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගත කරණ නවක රැදවියන් පළමුව නිරෝධායන කටයුතු සදහා බුස්ස බන්ධනාගාරයට රැගෙන එනු ලබන අතර නිරෝධායනය වන මෙම රැදවියන් පි. සි.ආර්. පරික්ෂණවලට ලක් කිරිමෙන් පසු පි.සි.ආර්. පරික්ෂණ වාර්තාවලට අනුව කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරු විමෙන් පසු එම රැදවියන් අදාල ප්‍රදේශයේ බන්ධනාගාරගත වලට යොමුකිරිමට කටයුතු කිරිමට නියමිතව ඇති බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)