Tuesday, February 17, 2026
Follow Us
මංතීරු නීතිය කඩකරන්නන්ට රුපියල් දෙදහසක දඩයක්

මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව රුපියල් 2000 ක දඩ මුදලක් පනවන බව පොලීසිය පවසනවා.

මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව මෝටර් වාහන පනතේ පොදු දණ්ඩණයට අදාළ අවම දඩය රුපියල් 2000 ක් වනවා.

බස්රථ සඳහා වෙන් කර ඇති මංතීරු සඳහා වෙනත් රථවාහන ඇතුළු කිරීම සම්බන්ධයෙන් බස් සංගම් විසින් එල්ල කළ විරෝධයට ද රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.

මේ අතර කොළඹ නගරයට ඇතුළු වන යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ, වම්පස මංතීරුවේ පමණක් ධාවනය කිරීමේ පෙරහුරු කටයුතු අද උදෑසන ආරම්භ කෙරුණා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් තී‍්‍ර රෝද රථ රියදුරන්ගෙන් සහ යතුරුපැදිකරුවන්ගෙන් විමසීමක් කළ අතර එහිදී ඔවුන් මංතීරු නීතිය සම්බන්ධයෙන් මෙලෙස සිය ප‍්‍රසාදය පළ කළා.

(Neth)