Tuesday, February 17, 2026
Follow Us
ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 28ක්. සමස්තය 3262 දක්වා ඉහළට

මෙරට මෙතෙක් හඳුනාගත් කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 3262 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ. ඊයේ (14) දිනයේ හඳුනාගත් නව රෝගීන් 28 දෙනෙකු සමඟය.

ඔවුන් අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 11 දෙනෙකු, ඉන්දියාවේ සිට පැමිණි 5 දෙනෙකු, බහරේන් සිට පැමිණි 4 දෙනෙකු, බංග්ලාදේශයේ සිට පැමිණි 4 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු, වියට්නාමයේ සිට පැමිණි අයෙකු සහ කුවේට් හි සිට පැමිණි අයෙකු සිටින බව සඳහන්.

(LNW)