Tuesday, February 17, 2026
Follow Us
කෘත්‍රිම බිත්තර වෙළෙදපොළට දාල ද ?

මේ වන විට වෙළෙදපොළ තුළ කෘත්‍රිමව නිෂ්පාදනය කරන ලද බිත්තර පවතින බවට පැතිර යන ප්‍රකාශ සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කළ හැකි සාක්ෂි වාර්තා වී නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ එලෙස කෘත්‍රිමව නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන බිත්තර වෙළෙඳපොළේ තිබේ නම් ඒ පිළිබඳව වහාම දැනුම්දෙන ලෙසට යි.

වෙළෙඳපොළ තුළ ප්ලාස්ටික් බිත්තර ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව ද උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.

(Aruna)