Tuesday, February 17, 2026
Follow Us
කන්දකාඩු කොරෝනා කොරෝනා රෝගීන් ගණන 11 ට බසී : මෙරට සිදුකළ සමස්ත PCR සංඛ්‍යාව 250,000 ඉක්මවයි

කන්දකාඩු ආසාදිත පොකුරෙන් නව්‍ය කොරෝනා ආසාදිතයින් 649 දෙනෙකු වාර්තා වුවද ඉන් ආසාදිතයින් 638 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය බලා රෝහල්වලින් පිටව ඇතැයි කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ දක්වා ආසාදිතයින් 3,169 දෙනෙකු මෙරටින් වාර්තා වුවද ආසාදිතයින් 188 දෙනෙකු පමණක් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර තවත් නව්‍ය කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු ඊයේ මෙරටින් හදුනාගෙන තිබෙනවා. එලෙස හදුනා ගැනුනු කොරෝනා ආසාදිතයින් 14 දෙනාගෙන් 7 දෙනෙකු ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින්. ඊයේ හදුනා ගැනුනු සෙසු ආසාදිතයින් 7 දෙනා ද නිරෝධායනය වෙමින් සිටි මාලදිවයින සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් බවයි කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පුද්ගලයින් 95 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. මේ වන විට නිරෝධායන කටයුතු අවසන් කර පුද්ගලයින් 40,401 සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බවයි කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. තවත් පුද්ගලයින් 6201 දෙනෙකු යුද හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මථ්‍යස්ථාන 57 ක් තුළ නිරෝධායනය වෙමින් සිටිනවා.

ඊයේ දිනයේදී පී සී ආර් පරීක්ෂණ 2,464 ක් මෙරටදී සිදුකර තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටදී සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 251,792 ක්.

(Neth)