Tuesday, February 17, 2026
Follow Us
කංජිපානි ඉම්රාන් බූස්ස නාවික හමුදා රෝහලට

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආහාර වර්ජනයේ නිරතව සිටින කංජිපානි ඉම්රාන් නමැත්තා අද (11) බූස්ස නාවික හමුදා රෝහල වෙත ඇතුළත් කර තිබේ.

බූස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පැවසුවේ විශේෂ අංශයේ රදවා සිටින කංජිපානි ඉම්රාන් අසනීපවීම හේතුවෙන් රෝහල් ගත කළ බවයි.

ඊයේ දින (10) සිට මොහු ඇතුළුව තවත් විශේෂ ගණයේ අපරාධකරුවන් 35දෙනෙකු ආහාර වර්ජනයේ නිරතව සිටියි.

පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් බන්ධනාගාර කිහිපයක ආරක්ෂාවට යෙදවීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබේ.

(Aruna)