Tuesday, February 17, 2026
Follow Us
කළුතර : අද මධ්‍යම රාත්‍රීයේ සිට ජල සැපයුම අත්හිටුවයි

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (09) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, නාගොඩ, කළුතර උතුර සහ දකුණ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලැබේ.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

(Aruna)