Tuesday, February 17, 2026
Follow Us
දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා යළිත් ලංකාවෙන් බිහි වෙයි

දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා බවට පත්වීමට ශ‍්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්වී තිබෙනවා.

ඒ, ජර්මනියේ ඊයේ (08) පැවැති ජාත්‍යන්තර මළල කී‍්‍රඩා තරගාවලයකදීයි.

එම තරගාවලියේදී මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව යුපුන් අබේකෝන් ජයගත්තේ තත්පර 10.16 ක දක්ෂතාවක් වාර්තා කරමින්. එය නව ශ‍්‍රී ලංකා වාර්තාවක් ද වනවා.

මීට පෙර දකුණු ආසියාවේ වේගවත්ම කී‍්‍රඩකයා සහ මීටර් 100 ධාවන ඉසව්වේ ශ‍්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ හිමාෂ ඒෂාන්.

2016 වර්ෂයේ ඉන්දියාවේ ගුවාතිහිදී පැවැති 12 වන දකුණු ආසියානු කි‍්‍රඩා උළෙලේදී තත්පර 10.22 ක දක්ෂතාවක් වාර්තා කරමින් හිමාෂ ඒෂාන් එම වාර්තාව පිහිටුවා තිබුණා.


(Neth)