Tuesday, February 17, 2026
Follow Us
හෙට සිට දිවයින වටා මුහුද රළු විය හැකි බවට කාලගුණයෙන් රතු නිවේදනයක්

හෙට උදෑසන 09 සිට අනිද්දා උදෑසන 09 දක්වා කාලය තුළ දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම කාල සීමාවේදී සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. අදාළ කාල සීමාවේදී ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක බැවින් ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද එම දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී තිබෙනවා.

මේ අතර දිවයින පුරා, විශේෂයෙන් දිවයිනේ නිරිතදිග ප‍්‍රදේශයේ සහ වයඹ පළාතේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද සවස් කාලයේ සිට අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ස`දහන් කළේ.

(Neth)