Tuesday, February 17, 2026
Follow Us
රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ මාලදිවයින් මහ කොමසාරිස්වරයා අතර හමුවක්

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ මාලදිවයින් මහ කොමසාරිස් ඔමාර් අබ්දුල් රසාක් මහතා අතර හමුවක් (03) පැවැත්විණි. කොළඹ පිහිටි මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ දී පැවැති මෙම හමුවේ දී දෙරට අතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.


විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ වෙසෙන මාලදිවයින් වැසියන් සහ ඔවුන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා අමාත්‍යවරයාගේ අවධානයට ලක් කළේ ය. දෙරටටම පොදු ධීවර, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා ගත හැකි ක්‍රියාමාර්ග, ආනයන අපනයන කටයුතු සේම කලාපීය සහයෝගය වෙනුවෙන් ඉදිරියේ දී ක්‍රියාත්මක කළ හැකි ද්වීපාර්ශ්වික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු විය.