Tuesday, February 17, 2026
Follow Us
අම්පාරට ආසන්න මුහුදේ ඉන්ධන රැගත් විදෙස් නෞකාවක් ගිනි ගනියි : ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව මෙහෙයුමක

අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා. "MT නිව් ඩයමන්ඩ්" නම් මෙම නෞකාවේ සේවයේ යෙදී සිටිය කාර්ය මණ්ඩලය බේරා ගැනීමට අවශ්‍ය පියවර නාවික හමුදාව මේ වන විටත් ගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම නෞකාව පැනමාවට අයත් වන අතර එය ඉන්දියාව බලා යමින් සිටිය බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරය සඳහන් කළේ.

මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට නෞකා දෙකක් සහ හම්බන්තොට නාවික හමුදා කඳවුරෙන් එක් නෞකාවක් අදාළ මුහුදු ප්‍රදේශය වෙත යවා ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මේ අතර මෙම නෞකාව සම්බන්ධයෙන් හා අදාළ මුහුදු ප්‍රදේශය නිරික්ෂණය කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ B-200 වර්ගයේ බිච් ක්‍රාෆ්ට් වර්ගයේ ගුවන් යානයක් ද පිටත කර යවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

(Neth)