Thursday, April 09, 2026
Follow Us
කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

අද(02)පස්වරු 01 සිට හෙට උදෑසන 7 දක්වා පැය 18ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත.

එසේම කොළඹ 01, 10 සහ 11 ප්‍රදේශවලට ජලය සැපයීම අඩු පීඩනයක් යටතේ සිදු වේ.

(Aruna)