Tuesday, February 17, 2026
Follow Us
රටට අවශ්‍ය ඇඳුම් රටේම නිපදවීමට අලූත් සැලසුමක්

රටට අවශ්‍ය නිමි ඇඳුම් රට තුළම නිපදවීම සදහා මේ වනවිටත් නව සැලසුමක් ආණ්ඩුව විසින් සකස් කරනු ලැබ තිබෙනවා. ඊට පහසුකම් සලසමින් දැනටමත් බතික් නිෂ්පාදන පිටරටින් ගෙන්වීම තහනම් කිරීමටයි මේ වනවිටත් පියවර ගෙන ඇත්තේ. මේ, බතික්, අත්යන්ත‍්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසන්නේ.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මෙම අදහස් පළ කළේ අලූතින් පත් කෙරුණු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්යභාර්ය පිළිබඳ විමසා බැලෙන නෙත් නිවුස් විශේෂාංග මාලාව සමග කළ සාකච්ඡුාවකට එක්වෙමින්. මෙරට ජනතාවට අවශ්‍ය නිමි ඇඳුම් සැකසීමේදී බතික් කර්මාන්තයට ප‍්‍රමුඛතාවය ලබාදෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

සතියට එක් දිනක් හෝ දේශීය රෙදි පිළි අඳීන ලෙසට රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර වැඩිදුරටත් පැවසුවා.

(Neth)