2013 දී සිදුකළ ආකාරයට රාජ්‍ය අරමුදල් විශේෂයෙන්ම EPF සහ ETF අරමුදල් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අරමුදල් යොදා ගනිමින් ඉතා ඉහළ මිලට කොටස් මිලදී ගැනීම සඳහා බලධාරීන්ට බලපෑම් එල්ල කෙරෙන බව වාර්තා වේ.
විදේශීය ගැනුම් කරුවන් විසින් කොටස් ආපසු විකිණීම නිසා පහත වැටුණු කොටස් පසුගිය මාස 03 ක කාලයේදී කෘතිමව ඉහළ දමා ඒවා රාජ්‍ය ආයතන වලට විකුණා කෝටි ප්‍රකෝටි වලින් ලාභ උපයීමට උත්සහා කරන්නේ රජයටත් සම්බන්ධ ගේම් කාරයින් පිරිසක් විසින් බව වාර්තා වේ.
එසේ තෝරා ගනු ලැබූ සමාගම් කිහිපයක කොටස් මිල කෘතිමව 60% කින් පමණ ඉහළ දමා ඒවා රාජ්‍ය ආයතන වලට විකුණා රජයට පාඩු කොට ඉන් ලාභ ලැබීම මෙම ගේම් කාරයින්ගේ උපක්‍රමය බව ද වාර්තා වේ.
(Lanka Leads)