Tuesday, February 17, 2026
Follow Us
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට නොතීසි

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට නොතීසි නිකුත්කර ඇත. ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වන ලලිත් ජයසිංහ මහතා විසින් ජනාධිපති කොමිසම වෙත කරන ලද පැමිණිල්ලට අදාළව සාක්ෂි ලබාදීම සඳහා කැඳවීම සිදුකර ඇත.

ලබන 31 වන දා දහවල් 01.30ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.

පැමිණිල්ලට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින පොලිස් මූලස්ථානයේ පොලිස් අධිකාරී කේ.කේ.එස්. ගුණසේකර මහතා වෙනුවෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා කැඳවීම කර ඇත.

(Aruna)