Tuesday, February 17, 2026
Follow Us
ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ගුවන් මගීන්ට පණිවිඩයක්

ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන්ගමන් සිදුකරන බව දැනුම් දෙනවා.

ඒ අනුව ඉතාලියේ - මිලාන්, එක්සත් රාජධානියේ - ලන්ඩන්, ජපානයේ - ටෝකියෝ, මාලදිවයිනේ - මාලේ, ජර්මනියේ - ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ - පැරිසිය හා ඕස්ට්‍රේලියාවේ - සිඩ්නි එම ගමනාන්ත වනවා.

මෙම ගුවන්ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන මගීන් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගාල්ල, නුවර සහ කොළඹ කාර්යාල හරහා වෙන්කරවා ගැනීම් සිදුකල හැකි අතර නැතිනම් ශ්‍රී වෙබ් අඩවිය හරහා එම පහසුකම් පවතිනවා.

(Neth)