Tuesday, February 17, 2026
Follow Us
ඇඹිලිපිටියේ 70ක් PCR පරීක්ෂණයට

කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි පරීක්ෂා කිරීමට පුද්ගලයන් 70 දෙනෙකු අද ( 27) ඇඹිලිපිටිය දිසා මහරෝහල් භූමියට පැමිණ තිබේ.

ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වසම් හයකින් තෝරාගත් පිරිසක් මෙම පිසීආර් පරීක්ෂණය සඳහා යොමු කර ඇත.

ත‍්‍රිරෝද රථ රියදුරන්, යාචකයින්, බස් රියදුරන්, මීට පෙර නිරෝධායනයට ලක් කළ අය ගෙන් ද මෙලෙස පීසීආර් පරීක්‍ෂණ සිදු කර ඇත.

ඉදිරියේදී මේ ආකාරයට කෝවිඩි 19 වෛරසය ශරීරගත වූවන් සොයා ගැනීම සඳහා අහඹූ ලෙස පීසීආර් පරීක්‍ෂණ සඳහා සෙමපටල සාම්පල් ලබාගැනීමට බලාපොරොත්තු වන බව ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය මදුරා මහත්මිය පැවසුවේය.

(Aruna)