Tuesday, February 17, 2026
Follow Us
නිරෝදායනය අවසන් කොට නිවසේ සිටි ගැබිණි කාන්තාවකට කොරෝනා

නිරෝදායනය අවසන් කොට නිවසට පැමිණ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ගැබිණි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී තිබෙනවා.

මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව‍ට හෙළිවී ඇත්තේ හලාවත, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට බවයි හලාවත රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල ප්‍රදීප් මල්ලවාරච්චි සඳහන් කළේ.

හලාවත රෝහලේදී මෙම කාන්තාවට සිදුකළ PCR පරීක්ෂණයකදී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී තිබෙනවා.

මෙම කාන්තාව ඩුබායි හි සිට මෙරටට පැමිණ වව්නියාවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිරෝදායන ක්‍රියාවලිය සම්පුර්ණ කොට නිවසට පැමිණ එහිදී නිවෙස් නිරෝදායනය වෙමින් සිටියදී වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිව තිබෙනවා.

මේ වන විට එම කාන්තාව IDH රෝහලට මාරු කොට යැවු බවයි හලාවත රෝහලේ අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

(NEth)