Tuesday, February 17, 2026
Follow Us
සිරකරුවන් 902කට ජනපති සමාව දෙන්න ලැයිස්තුවක්

ජනපති පොදු සමාව දීම සඳහා සුදුසු සිරකරුවන් 902 දෙනෙකුගේ ලේඛනයක් අනුමැතිය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ.

අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම ලේඛන සකස් කර ඇත.

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ රැඳවියන් පිරිසක් එලෙස ජනපති අනුමැතියෙන් නිදහස ලැබීමට නියමිතයි.

බන්ධනාගාරවල කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සහ බන්ධනාගාර තදබදය අවම කිරීමේ අරමුණින් පසුගියදා ජනාධිපතිතුමා විසින් සිරකරුවන්ට සහ රැඳවියන්ට සමාව දීම සම්බන්ධයෙන් සළකා බැලීම සඳහා කමිටුවක් පත් කළේ ය.

කමිටුවේ සභාපතිත්වය දරන්නේ, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ය.

ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර, මේනක අරංගන, ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, නීතිඥ කෞශල්‍ය නවරත්න සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්ම මහත්මීන් කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.

(Aruna)