Tuesday, February 17, 2026
Follow Us
ක්‍රෙඩිට් කාඩ්, උකස් රන් ණය පොලි පහත දමයි

කොරෝනා වසංගතය හමුවේ දුෂ්කර තාවයන්ට මුහුණදී සිටින ජනතාවට සහනයක් වශයෙන් ණය කාඩ්පත්, උකස් රන් ණය සහ තාවකාලික ණය අයිරාවන් සඳහා පනවා තිබෙන පොලී අනුපාතනයන් පහත හෙලීමට ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට තිබෙනවා.

ඒ අනුව සීයයට 28ක් ව පැවති ණයවර කාඩ් පත් ( ක්‍රෙඩිට් පත් ) සඳහා වන පොලිය 18% ක් දක්වාත්, තාවකාලික ණය අයිරාවන් සඳහා වන පොලිය 16% ක් දක්වා පහත හෙලා තිබෙනවා.

ඊට අමතරව උකස් රන් ණය සඳහා වන පොලිය සියයට 10 දක්වා අඩු කොට ඇති අතර දඩ පොලි අනුපාතය සියයට 2 දක්වා පහත හෙලීමට පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටින්නේ.

(Neth)