ඉල් පුර පසළොස්වක පොහොය අදට (24) යෙදී තිබේ.
බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද දිනයේ සිදු බව සඳහන් වේ.
එම වැදගත් සිදුුවීම් නම්,
- කඨින චීවර මාසයේ අවසන් දිනය. වප් පුර පසළොස්වක පොහොයෙන් ආරම්භ වූ කඨින චීවර පූජා මාසය අවසන් වන්නේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහෝ දිනකය. එසේම පසුවස් පවාරණය සිදු කරන දිනය ද අදයි.
- ප්‍රථම ධර්ම දූත පිරිස පිටත් කර යැවීම. බුදුරජාණන් වහන්සේ විසින් මුල්ම රහතන් වහන්සේලා හැට නම ධර්ම ප්‍රචාරය සඳහා ගම් නියම්ගම් බලා පිටත් කර යවන ලද්දේ ඉල් පොහෝ දිනකදීය.
- මෛත්‍රී බෝධිසත්වයන් නියත විවරණ ලැබීම. මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේ ද අද වැනි පොහෝ දිනකය.
- තුන්බෑ ජටිලයන් දමනය කිරීම. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප සහ ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කරවීම සිදු විය.
- සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම. අග්‍රශ්‍රාවක සැරියුත් මහරහතන් වහන්සේ තම මෑණියන්ට ධර්මය දේශනා කොට පිරිනිවන් පා වදාළේ ද ඉල් පුර පසළොස්වක පොහොය දිනකදීය.