උඩපළාත, පස්බාගේ, ගගඉහළ හා දොළුව යන ප්‍රදේශ සදහා රතු නිවේදන නිකුත් කර ඇති බැවින් හඳුනාගත් අධිඅවදානම් ස්ථානවල තවදුරටත් රැඳී සිටින පවුල් හා හඳුනාගන්නා වෙනත් අවදානම් ස්ථානවල සිටින පවුල් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කරන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.
එසේම අනෙකුත් කොට්ඨාසවලට ද ඒ ඒ මට්ටමට නිවේදන නිකුත් කර ඇති බැවින් හඳුනාගන්නා අවදානම් පවුල් වේ නම් ඔවුන් ඉවත්කර ආරෂිත ස්ථානවලට යොමුකරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා දන්වා තිබේ.
තවද, සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ කාර්ය මණ්ඩලය රාත්‍රිය පුරාවට ආපදා තත්ත්වය පිළිබඳව අවදානයෙන් පසු විය යුතු බවත් ,ඕනෑම මොහොතක අවශ්‍ය මැදිහත්වීම සිදුකළ, යුතු බවත් ගන්නාවූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තමා දැනුවත් කරන්න ලෙසත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.