දඹගල්ල පොලිස් වසමේ කෝට්ටගල ප්රදේශයේදී දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) වැටලීමක් සිදුකර පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවෙකු කැණීම් උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 51 ක් වන නාමල්ඔය ප්රදේශයේ පදිංචිකරුවෙකි. දඹගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.