Friday, February 20, 2026
Follow Us
මෙම වසර තුළ ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීමට පියවර
ගුරුවරුන් 23,000කට වැඩි පිරිසක් බඳවා ගැනීම සඳහා මේ වනවිට අනුමතිය ලැබී ඇති බවත් මෙම වසර තුළ එම බඳවා ගැනීමේ ක්රියාවලිය අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බවත්  අග්රාමාත්ය සහ අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්ය (ආචාර්ය) හරිනි අමරසූරිය ප්රකාශ කළාය.
 
මේ තුළින් දැනට පවතින ගුරු හිඟය මෙන්ම ගුරු මාරුවීම් සම්බන්ධ ගැටලු සැලකිය යුතු ලෙස අවම වනු ඇති බව ද ඇය සඳහන් කළාය. ඒ අනුව විවෘත සහ සීමිත පදනම යටතේ විභාග පවත්වමින් මෙලෙස උපාධිධාරීන් බඳවාගැනීමට පියවර ගන්නා බව අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.
 
පසුගියදා (18) පාර්ලිමේන්තුවේදී ගරු අග්රාමාත්යවරියගේ ප්රධානත්වයෙන් පැවති අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී එතුමිය මේ බව සඳහන් කළාය.