රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය නව විගණකාධිපතිවරිය ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඊයේ (03) හිමි වී ඇත. ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ ජයරත්න මහත්මියගේ නාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර ඇති බව වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (03) පස්වරුවේ රැස්විය. ඒ අනුව නව විගණකාධිපතිවරිය ලෙස පත්කිරීම සඳහා සමුදිකා ජයරත්න මහත්මියගේ නාමය සඳහා අනුමැතිය ලබා දී ඇත.
විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පසුගිය අප්‍රේල් මාසයේදී විශ්‍රාම යෑමෙන් පසු විගණකාධිපති ධුරය පුරප්පාඩු විය.