රුපියල් මිලියන 9000 ක පිරිවැයක් යටතේ නවීන හෘද රෝග ඒකකයක්.
අප ජල හා අපද්රව්ය කළමනාකරණ ඒකකයන් සඳහා රුපියල් මිලියන 300 ක්.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ඉහත කරුණු පෙන්වා දෙන ලද්දේ පසුගිය දා ත්රිකුණාමලය දිස්ත්රික් මහ රෝහලේ පැවැති වැඩසටහනකට සහ රෝහල් පාලන අධිකාරිය සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙහි දී සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ ත්රිකුණාමලය දිස්ත්රික්කය ජාතික වශයෙන් රටේ ආර්ථික, සමාජීය සංස්කෘතික අංශයන්ගෙන් වැදගත් ප්රදේශයක් බැවින් රෝහල සංවර්ධනය කිරීම ඇතුළු සිදු කෙරෙන සංවර්ධන ව්යාපෘති ත්රිකුණාමලය දිස්ත්රික්කය සහ නැගෙනහිර පළාතේ ජනතාවට පමණක් නොව දේශීය විදේශීය සංචාරක ක්ෂේත්රය පිළිබඳව ද අවධානය යොමු කරමින් සිදු කරන බවයි.