Friday, July 11, 2025
Follow Us
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙළ ගැන සාකච්ඡාවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙලසම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (09)බලශක්ති අමාත්‍යංශයේදීපැවැත්විණි.

මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය වැඩපිළිවෙළ තුළසේවකයින්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරැකීම ඇතුළු වෘත්තීය සමිතිවල අවධානයට යොමුවුන කරුණු රැසක් සාකච්ඡාවට ලක් කෙරුණි. මෙහිදී කරුණු දැක්වූඅමාත්‍යවරයා, විදුලිබල ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය යටතේ තබාගැනීම රජයේප්‍රතිපත්තිය බවද මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ හරහාකිසිසේත් සේවක අයිතිවාසිකම් අඩුකිරීමට හෝ කප්පාදු කිරීමටකටයුතු නොකරන බවද ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ වෘත්තිය සමිති නියෝජිතයන් අමාත්‍යවරයා සමග සෘජුවසිය අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීම පිළිබදව ස්තූතිවන්ත වනබවත් විදුලිබල ක්ෂේත්‍රය රජයේ හිමිකාරීත්වය යටතේ තබාගන්නා මේ ප්‍රතිපත්තියඉහළින් අගය කරන බවත් පැවසූහ. සේවක අයිතීන් හා වරප්‍රසාද සුරැකීම කෙරෙහිරජයත් අමාත්‍යවරයා දක්වන සැළකිල්ල ඉහළින් අගය කරන බවත් විදුලිබල ක්ෂෙත්‍රයේදියුණුවට දියහැකි උපරිම දායකත්වය ලබාදීමට වෘත්තීය සමිති ව්‍යාපාරයේ සහයෝගයලබාදෙන බවත් ප්‍රකාශ කළහ.විදුලිබල මණ්ඩලය හා ආශ්‍රිත වෘත්තීය සමිති 42ක නියෝජිතයන් මේ හමුව සදහා ආරාධනා කර තිබූණි.