Tuesday, February 17, 2026
Follow Us
පාසල්වලටත් සෙමෙස්තර ක්‍රමය

විශ්වවිද්‍යාල මෙන් පාසල්වලටද සෙමෙස්තර ක්‍රමය හඳුන්වා දෙන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ‘අරුණ’ ට ඊයේ (13 වැනිදා) පැවැසීය.

දැනට පාසල්වල පවතින විභාග ක්‍රමය වෙනුවට විධිමත් ඇගයීම් ක්‍රියාවලියක් හඳුන්වා දෙන බවත් එහිදී පාසල් පාදක ඇගයීම් ක්‍රියාවලිය සඳහා වැඩි ඉඩක් වෙන් කෙරෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

මාස තුනෙන් තුනට සිසුන් ඇගයීමේ ක්‍රියාවලිය සැලසුම් කරන බවත් කී ඔහු අදියරෙන් අදියර මෙම ක්‍රමය පාසල්වලට හඳුන්වා දෙන බවත් පැවැසීය.

හඳුන්වා දෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම සෙමෙස්තර ක්‍රමයට අදාළව විෂය නිර්දේශ සංශෝධනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයිද සුනිල් ජයන්ත නවරත්න සඳහන් කළේය.

(Aruna)