Monday, February 16, 2026
Follow Us
නව පාර්ලිමේන්තුවේ පළමු කාර්යය 19 අහෝසි කිරීම - ගොඩහේවා වැඩ අරඹමින් කියයි

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (13) උදෑසන බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යංශයේදී රාජකාරි කටයුතු ආම්භ කළේය.

එහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තුව රැස් වූ වහාම 19 වැනි සංශෝධනය අහෝසි කිරීමට කටයුතු කළයුතු බවයි. 19 වැනි සංශෝධනය හරහා රට තුළ අර්බුද ගණනාවක් ඇතිකළ බැවින් එය අහෝසි කිරීම නව පාර්ලිමේන්තුවේ පළමු රාජකාරිය විය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමේදී සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු අංශ ආවරණය කරමින් පත් කිරීම් සිදුකර ඇති බවත් ඒ අනුව සමස්ත ජනතාවම සතුටු කිරීම සඳහා නව අමාත්‍යවරුන් කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

(LNW)