Monday, February 16, 2026
Follow Us
සෞඛ්‍ය ලේකම් ධුරයට පාදෙණියගේ නම යෝජනා වෙයි..

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වඩාත් සුදුසු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නමුත් එය පාදෙණිය මහතාට ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම රජය සතු බවද ඔවුන් පවසයි.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන්ද කිසිදු ගැටළුවක් නැති බවත් පවසන එම සංගමය සෞඛ්‍ය ලේකම් ධුරය ගැන තම සංගමයෙන් විමසුවහොත් අනුරුද්ධ පාදෙනිය මහතාගේ නම යෝජනා කරන බවත් කියා සිටී.

(Lanka Leads)